Monday, April 29, 2024

General line - 0115112241

ජාතික මහා ක්‍රීඩා උළෙලත් කල් යයි




46 වන ජාතික මහා ක්‍රීඩා උළෙළ දින නියමයක් නොමැතිව කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

ඒ  කෝවිඕ 19 රෝගය හේතුවෙන් රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින්. මේ සම්බන්ධයෙන් නෙත් ස්පේර්ට්ස්මන් කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ එස් රුවන්චන්ද්‍ර කියා සිටියේ ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වන දිනයක් මෙතෙක් නිශ්චිතව ප‍‍්‍රකාශ කළ නොහැකි බවයි.

ඉදිරියේදී සාකච්ඡා පවත්වා 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියා.

කෙසේ හෝ ජාතික මහා කී‍‍්‍රඩා උළෙල මෙම වසරේදී පැවැත්වීමට කටයුතු කරන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ එස් රුවන්චන්ද්‍ර වැඩිදුරටත් පැවසුවේ. 

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙළ ලබන සැප්තැම්බර් මස කොළඹ හෝ මඩකලපුවේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.