Friday, April 26, 2024

General line - 0115112241

තොන්ඩමණ්ගේ දේහය ගුවනින් රැගෙන එයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රීඩාංගණය වෙත අද (29) දින උදැසන 7.45 ට රැගෙන එනු ලැබුවා.

ගම්පොල ක්‍රීඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහැරකින් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා තැන්පත් කෙරෙනවා.

දේහය හෙට (30) උදැසන රම්බොඩ සිට නුවරඑළිය නගරය හරහා කොටගල ලංකා කම්කරු මුලස්ථානය වෙත රැගෙන විත් මහජන ගෞරවය සඳහා එහි ද තැනපත් කෙරෙනු ඇති.

අවසන් කටයුතු මේ මස 31 වැනි දින පස්වරුවේ හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදි රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වු (26)  දින සිට අවසන් කටයුතු සිදු කරන දින තෙක් වතු සේවකයින් වතුවල දෛනික වැඩ කටයුතු කිරීමෙන් වැලකි සිටින බවද වාර්තා වෙනවා.