Monday, April 29, 2024

General line - 0115112241

ලොක්ඩවුන් කාලේදී කි‍්‍රඩකයෝ කෝටි ගණන් උපයති -කෝලිත් ඒ අතර




කොවිඞ් 19 වසන්ගතය හේතුවෙන් රටවල් වසා තිබු කාලසීමාවේදී ලොව වැඩිම ආදායමක් ඉපැයූ කී‍්‍රඩකයන් 10 දෙනා අතරට ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක විරාත් කෝලි එක්ව සිටිනවා. එම කී‍්‍රඩකයින් 10 දෙනා අතර සිටින එකම කි‍්‍රකට් කී‍්‍රඩකයා වන්නේද විරාත් කෝලියි.  

මෙලෙස රටවල් වසා තිබූ කාලසීමාවේදී කි‍්‍රඩා තරගාවලි රැසක් කල් දැමීමට පියවර ගැණුනා. එසේ තිබියදී විරාත් කෝලි වාර්තාගත ආදායමක් උපයා ගෙන තිබෙන්නේ ඉන්සටර්ග‍්‍රෑම් සමාජ මාධ්‍ය හරහායි. ඉන්ස්ටර්ග‍්‍රෑම් යනු මේ වන විට ලොව පුරා ඉතා ජනප‍්‍රිය සමාජ මාධ්‍යක් වන අතර ජාත්‍යන්තර තලයේ ජනපි‍්‍රය කී‍්‍රඩා තරු රැසක් එහි කි‍්‍රයාකාරීව සිටිනවා.

ඒ අනුව එවැනි ජනප‍්‍රිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිනුම් උපයෝගි කර ගනිමින් සිය සන්නාමයන් ජනතාව අතරට ගෙන යාමට බොහෝ ව්‍යාපාරික ආයතන පෙලබී සිටින බවයි  විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ සදහා ව්‍යාපාරික ආයතන අදාළ ගෙවීම් කරන ලද විගස කී‍්‍රඩා තරු සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුම් ඔස්සේ පෝස්ට් එකක් ලෙස එය සටහන් කිරීම ද සිදු වනවා. රටවල් වසා තිබු කාලසීමාවේදී ලොව වැඩිම ආදායමක් ඉපැයූ කී‍්‍රඩකයන් 10 දෙනා තොරා ගෙන ඇත්තේද ඒ  අනුවයි.

මාර්තු 12 වනදා සිට මැයි 14 වනදා දක්වා කාලයේදී විරාත් කෝලි වෙළෙද දැන්වීම් හරහා උපයා ගෙන ඇති මුදල ස්ටර්ලින් පවුම් තුන් ලක්ෂ හැත්තෑ නවදහස් 294ක්. එහි වටිනාකම ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 9කට ආසන්නයි. අදාල කාලසීමාවේදී විරාත් කෝලි ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමේ සටහන් කළ පෝස්ට් 3ක් වෙනුවෙන් මෙම මුදල ඔහුට හිමිවී තිබෙනවා.

කෙසේවෙතත්රටවල් වසා තිබු කාලසීමාවේදී වැඩිම ආදායමක් උපයා ගත් කී‍්‍රඩකයින් දසදෙනා අතර විරාත් කෝලි පසුවන්නේ 6 වන ස්ථානයේයි.

පෘතුගාලයේ සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ එහි අංක 01 ස්ථානයේ පසුවනවා. ඔහු උපයාගෙන ඇති මුදල ස්ටර්ලින් පවුම් මිලියන 01.8ක්. ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු කී‍්‍රඩක ලයනල් මෙසී ස්ටර්ලින් පවුම් මිලියන 01.2 උපයා ගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවනවා.