Sunday, May 5, 2024

General line - 0115112241

ගල්කිස්ස වෙරළට අදත් කුණු ගොඩ ගසයි - මොරටුව නගරාධිපති චෝදනා ප්‍රතික්ෂේප කරයි




ගල්කිිස්ස වෙරළ තීරයට අදත් කැළි කසල විශාල තොගයක් ගොඩ ගසා  තිබුණා. ප්ලාස්ටික්, පොලිතින් සහ රෙදි කැබිලි වැඩි ප‍්‍රමාණයක් ඒ අතර වූ බවයි එහි ක්ෂේත‍්‍ර චාරිකාවක යෙදුණු නෙත් නිවුස් වාර්තාකාරීණි කෞෂිකා තීක්ෂණි පැවසුවේ. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ප‍්‍රභාත් චන්ද්‍රකිරීතිද එහි නිරීක්ෂණයක යෙදුනා. වෙරළට ගොඩ ගසා ඇති කැලි කසල කල් ගිය ඒවා නොව මෑතකදී බැහැරකළ ඒවා බවට බැලූ බැල්මට පෙනී යන බවයි නෙත් නිවුස් සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ගල්කිස්ස වෙරළ තීරයට මෙලෙස ගොඩ ගසා තිබෙන්නේ මොරටුව මහ නගර සභාව විසින් බැහැර කරන ලද කසල තොගයක් බවට චෝදනා පවතිනවා. කෙසේවෙතත් එම චෝදනා ප‍්‍රතික්ශේප කරන බවයි මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු පැවසුවේ.

කෙසේවෙතත් මොරටුව මහ නගර සභාව විසින් සහනාධාර බෙදා දුන් මල්ලක්ද කසල තොගයේ තීබී හමු වී තිබෙනවා. නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු පිළිතුරු දුන්නා.

මේ අතර ගල්කිිස්ස වෙරළ තීරයට මෙලෙස කැලි කසල ගොඩ ගැසීමට සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා පොලිසියට උපදෙස් දී තිබෙනවා.