Sunday, May 5, 2024

General line - 0115112241

බස් ප‍්‍රමඛතා මංතීරුව සඳුදා සිට යළිත්




කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල බස් ප‍්‍රමඛතා මංතීරුව ලබන සඳුදා සිට නැවත කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශී‍්‍ර ලංකා පොලිසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ.

බස් ප‍්‍රමඛතා මංතීරුවේ ගමන් කල හැකි සහ නොහැකි වාහන පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

ලබන සඳුදා සිට බස් ප‍්‍රමඛතා මංතීරුව යලි කි‍්‍රයාත්මක කිරීමෙන් පසු සති දෙකක කාලයක් ඒ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන බව නීිතිය තදින් කි‍්‍රයාත්මක කිරීම ලබන 22වනදා සිට සිදු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල මෙලෙස බස් ප‍්‍රමඛතා මංතීරුවක් හදුන්වා දීම සිදුකෙරුණේ වාහන තදබදය අවම කිරීම සඳහායි.