Sunday, May 5, 2024

General line - 0115112241

මුද්‍රණය වෙමින් ඇති ඡන්ද පත්‍රිකා ගැන පැහැදිළි කිරීමක්




මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීම තවදුරටත් සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසනවා. ජනාධිපතිවරණයක දී මෙන් නොව මහමැතිවරණයකදී  දිස්තී‍්‍රක්කයෙන් දිස්ත‍්‍රික්කයට වෙන් වෙන්ව ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ප‍්‍රකාශ කෙරුණේ.

ඒ ඒ දිස්ත‍්‍රික්කයට තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයන් වෙනස් වීම ඊට හේතු වනවා. 

මේ වන විට දිස්ත‍්‍රික්ක 6 ක ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කරමින් තිබෙන බවයි වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ අතරින් එක් දිස්ත‍්‍රික්කයක ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය හෙට (08) දිනය තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරුණා.

සාමාන්‍යයෙන් මහමැතිවරණයකදී ඡන්ද පත‍්‍රිකා සම්පූර්ණයෙන් මුද්‍රණය කර අවසන් කිරීමට ගතවන කාලය දින 15ත් 20 අතර බවයි දැනගන්නට ලැබුණේ. මුද්‍රණය අවසන් කරන පරිදි ඡන්ද පත‍්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දෙන බවද ප‍්‍රකාශ කෙරුණා.