Wednesday, May 8, 2024

General line - 0115112241

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්




මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (08) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ මැතිවරණ මහලේකම් කාර්යයාලයේ ඉහළ පෙලේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය උපදෙස්වලට අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය එම සාකච්ඡාවේදී තීරණය කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව ද මැතිවරණ කොමිසම පැවසුවා. ඒ අනුව මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගනු ඇති. 

ඊයේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ආදර්ශ ඡන්ද විමසීමේදී ලැබූ අත්දැකීම් සහ හදුනාගත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඡන්දපොළ වෙත පැමිණෙන ඡන්ද දායකයන් සඳහා විෂබීජ නාශක දියර ලබා දීම, ඇඟිලි සලකුණු කිරීම, ප‍්‍රමාණවත් ඉඩපහසුකම් නොමැති ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද විමසීම සිදු කෙරෙන ආකාරය වැනි කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.