Wednesday, May 8, 2024

General line - 0115112241

සුවය ලැබූ නාවික හමුදා ගණන 522ක්




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 522 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසනවා.

ඒ, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් නාවිකයින් 34 දෙනෙකු සුවය ලැබීමත් සමගයි.

මේ වනවිට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 941 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඊයේ (07) දිනය තුළ පමණක් මෙරටින් වාර්තා වූ නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 21 ක්. ඔවුන් සියලූදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 883 ක්.