Tuesday, May 7, 2024

General line - 0115112241

මනාප අංක අද සිට ලබා ගැනීමේ හැකියාව




2020 මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

එක් - එක් දිස්ති‍්‍රක්කවල අපේක්ෂකයින්ගේ මනාප අංක අද පෙරවරුවේ දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරුන් වෙත යොමු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ.

ඒ අනුව, දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාල මගින් අද පෙරවරුවේ සිට එම අංක ලබා ගැනීමට අපේක්ෂකයින්ට හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මහමැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (08) තීරණය කළා. බොහෝදුරට එම නිවේදනය හෙට (10) දිනය තුළ නිකුත් වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.