Tuesday, May 7, 2024

General line - 0115112241

අබුසාලි අබුබකර් ගේ සමිපතයෙක් පුල්මුඩේදී අත්අඩංගුවට




පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප ඇසුරුක් පවත්වනු ලැබූ පුද්ගලයෙකු පුල්මුඩේ, ජින්නාපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞදි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබ දැනට මෙරට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින අබුසාලි අබුබකර් නැමැත්තාව සමීපව ඇසුරු කළ අයෙක්ය.

අප්‍රේල් මස 21 වෙනිදා සිදුකළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකම් පවත්වමින් එම ප්‍රහාරයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අබුසාලි අබුබකර්ට චෝදනා එල්ලවී ඇත.

ඔහු සෞදි අරාබියේ සිටයදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරිමෙන් අනතුරුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.