Friday, September 20, 2024

General line - 0115112241

පාසැල් නිවාඩුව ඇරඹේ – ‘සිඟිති පාතාලය‘ වැඩ අරඹයි(VIDEO)



ඉස්සර නම් පාසල් යන වයසේ සිටින දුවාදරුවන් ඇඟිලි ගැන ගැන බලන් හිටියේ පාසල් නිවාඩු කාලේ ලැබෙනකන්.

ඒ යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න, ළමා චිත්‍රපට බලන්න, විනෝද ගමන් යන්න, සතුටු වෙන්න.

හැබැයි දැන් දැන් වෙද්දි ඒවා නැතිවෙලා,අපේ දරුවන්ට සෙල්ලම් අමතක වෙලා වගේ තමයි පේන්න තියෙන්නේ.

දැන් අපේ පොඩි ඈයෝ නිකං ඉන්න වෙලාවට විනෝදෙට කරන්නේ ‘සිංහල රැප්‘.

තේරුමක් නැති වචන කෑලි ටිකකුයි,කුනුහරප ගොඩකුයි එකතු කරලා මේ අය කරපු ‘රැප්‘ පසුගිය කාලය පුරාම ෆේස්බුක්, යූ ටියුබ් වැනි වෙබ් අඩිවිල වල අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

මෙයාලාගේ වයසත් එක්ක මෙයාලා කියන කුනුහරප නිසාම මොවුන්ට ‘සිඟිති පාතාලය‘ කියලා නමකුත් පටබැඳුණා.

කොහොම කොහොම හරි පාසල් නිවාඩුවත් එක්ක මේ සිඟිති පාතාලයේ ක්‍රියාකරීත්වය ඉහළ ගිහින් කියලයි ‘බුකියේ ඈයෝ‘ නම් කියන්නේ..

පසුගිය දිනවල මේ අකාරයේ වීඩියෝවක් බුකියේ අතිශය ජනප්‍රියත්වට පත්වුණා.

එම වීඩියෝව ඇතුළු ‘සිඟිති පාතාලයේ‘ තවත් වීඩියෝ පහතින් නරඹන්න