Saturday, May 4, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළි  අයිතිකරුවන්ට 




කෝවිඞ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන ඒවායේ හිමිකරුවන් වෙත යළි භාර දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩ බලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න වෙත උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 71,886 දෙනෙකු සහ වාහන 18,507 ක් ඉකුත් කාල සීමාව තුළ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ අතරින් නඩු පැවරීමෙන් පසු සහ අත්අඩංගුවට ගෙන සතියක කාලයක් ඉක්මවා යාමෙන් පසු භාර නොදුන් වාහන දෙදහසකට ආසන්න ප‍්‍රමාණයක් අද දිනයේ අදාළ අයිතිකරුවන් වෙත භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න, නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.