Wednesday, May 8, 2024

General line - 0115112241

ලිපින මැකුනු පාර්සල්හී බාර්කෝඩ් කියවීමට යයි




මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට ගෙන ඒමේදී ලිපිනයන් අපැහැදිළි වී ඇති පාර්සල් තොගයෙන් ඇතැම් පාර්සල්වල හිමිකාරත්වය ඒවායේ බාර්කෝඞ් අංක හරහා හඳුනාගත හැකි ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. 

මේ, සඳහා මැලේසියාවේ සහය ලැබිය යුතු බවයි තැපැල්පති රංජිත් ආරියරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ලේසියාව සමග සාකච්ඡා කර ආපසු ලිපිනයන් සහිත පාර්සල් යළි හරවා යැවීම සම්බන්ධයෙන් ද මේවනවිට අවධානය යොමුවී ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.