Tuesday, May 7, 2024

General line - 0115112241

බහුදින ධීවර යාත‍්‍රාවක් බේරුවලදී මුහුදුබත් වෙයි - 05 දෙනෙකු දිවිබේරා ගනී




බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත‍්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. කාර්මික දෝෂයකට ලක්ව තිබූ අදාළ යාත‍්‍රාව බේරුවල ධීවර වරායට රැුගෙන ඒම සඳහා අද පෙරවරුවේ කුඩා යාත‍්‍රාවක් පිටත්ව ගොස් තිබුණා. බහුදින ධීවර යාත‍්‍රාව එලෙස රැගෙන එන අතරතුර ගල්බැම්මක වැදී, කැඞී මුහුදුබත්වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම අවස්ථාවේ අදාළ බහුදින ධීවර යාත‍්‍රාවේ ධීවරයින් 05 දෙනෙකු සිට ඇති අතර ඔවුන් දිවිබේරා ගෙන තිබෙනවා. එම ධීවරයින්ට සුළු තුවාල සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස දිවිබේරා ගෙන තිබුණේ අඹේපිටිය, මග්ගොන, හෙට්ටිමුල්ල සහ මහගොඩ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.