Monday, May 6, 2024

General line - 0115112241

ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂ 90 සීමාව ඉක්මවා යයි




ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (22) වනවිට ලක්‍ෂ 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ලෝකයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අනූ ලක්‍ෂ 37,950 ක්. කෙසේවෙතත් ඉන් ලක්‍ෂ 48 කට ආසන්න පිරිසක් දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වනවා. එම සංඛ්‍යාව ලක්‍ෂ 23 කට අධිකයි. බ‍්‍රසීලයෙන්ද ලක්‍ෂ 10 කට වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. රුසියාවෙන් ලක්‍ෂ 5 කට වැඩි පිරිසක් ද, ඉන්දියාවෙන් ලක්‍ෂ 4කට වැඩි පිරිසක් ද, බි‍්‍රතාන්‍යයෙන් ලක්‍ෂ 3 කට වැඩි පිරිසක් ද වාර්තාවෙද්දී ස්පාඤ්ඤය, පේරු, චීලි, ඉතාලිය සහ ඉරානය යන රටවලින් වාර්තා වන ආසාදිතයින් ලක්‍ෂ 2 කට අධිකයි. 

මේ අතර අමෙරිකාව තුළ කොරෝනා දෙවන රැල්ලක් මතුවීමේ අවදානමක්ද ඇතිව තිබෙනවා. ඒ අනුව ට‍්‍රම්ප් පරිපාලනය ඒ සදහාද මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවයි අමෙරිකානු බලධාරීන් පවසන්නේ. 

1980 දශකයේ ඉරාකයෙන් බිහි වූ සුප‍්‍රකට පාපන්දු කී‍්‍රඩකයෙකු වන අහමඞ් රාදි කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතයට සමුදී ඇත්තේ මේ අතරතුරයි.