Sunday, April 28, 2024

General line - 0115112241

දකුණු කොරියාවට දෙවන කොරෝනා රැල්ලක් : තත්ත්වය බරපතල බව සෞඛ්‍ය ඇමති කියයි




තම රට මේ වන විට නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ලකට මුහුණ දෙමින් සිටින බවත් එය ඉතා බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍ය නියුන්ග්- හු ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය සතිය තුලදී දකුණු කොරියාවට විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 90 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත් ඊට පෙර සතියේදී වාර්තා වූයේ රෝගීන් 48ක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

දේශියව වාර්තා වන රෝගීන්ට අමතරව විදෙස් රටවලින් පැමිණෙන රෝගීන් කළමනාකරණය කිරිමට සිදුවීම තුලින් රටේ සෞඛ්‍ය අංශ බරපතල තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉකුත් පෙබරවාරි සහ මාර්තු මාසයේදී ඩේගු නගරයෙන් ඇරඹි කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට පසුව මේ වන විට දෙවන රැල්ලක් නිර්මාණය වී තිබෙන බවයි දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජියොන් යුන් - කියොං ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

ගතවූ පැය 24 තුලදී දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් 17ක් වාර්තා වී ඇත. ඉන් රෝගීන් 06 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි අය වේ.

මේ වන විට එරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,438ක් වන අතර මරණ සංඛ්‍යාව 280ක් වනවා