Sunday, April 28, 2024

General line - 0115112241

මාස කිහිපයකට පසු අමෙරිකාවේ දින දහහතරේ නිරෝධායන නීතිය පැනවේ




අමෙරිකාවේ නිව්යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් තවත් ප‍්‍රාන්ත 08 ක සිට පැමිණෙන පුද්ගලයින්ට දින 14 ක නිරෝධායනයක් නියම කර තිබෙනවා. 

ඒ, අදාළ ප‍්‍රාන්ත තුනෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට පහත බසිමින් පැවතීම හේතුවෙන්. ඒ අනුව ඇලබාමා, ආකැන්සා, ඇරිසෝනා, ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ උටා ප‍්‍රාන්තවල සිට අදාළ ප‍්‍රාන්ත 03 ට පැමිණෙන පුද්ගලයින් අනිවාර්ය නිරෝධායනයකට ලක්විය යුතු වනවා. 

එම නිරෝධායන නීති - රීති කඩ කරන්නන් හට දඩ මුදල් පැනවෙන අතර, පළමුවරට නිරෝධායන නීති කඩ කරන්නන්ට පැනවෙන දඩ මුදල අමෙරිකානු ඩොලර් දහසක්. එක් වරකට වඩා නිරෝධායන නීති කඩ කරන්නන් හට අමෙරිකානු ඩොලර් පන්දහස බැගින් දඩ මුදල් නියම කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ධවල මන්දිර මාධ්‍ය ප‍්‍රකාශක ජඞ් ඩියර් ප‍්‍රකාශ කළේ, ඇරිසෝනා ප‍්‍රාන්තයේ සංචාරයෙන් පසු මේ සති අන්තයේ නිව් ජර්සි ප‍්‍රාන්තයට පැමිණීමට නියමිතව සිටින ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එම නිරෝධායන නීති බලපැවැත්වෙනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. 

ජනාධිපති ට‍්‍රම්ප් වෙත සමීප වන කාර්යය මණ්ඩලය, අමුත්තන් ඇතුළු සියලූදෙනා, කොරෝනා ආසාදිතයින් නොවන බවට පරීක්ෂණවලින් තහවුරු කරගත් පුද්ගලයින් පමණක් වන බැවින්, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට කෝවිඞ් 19 වැළඳීමේ හැකියාවක් නොමැති වීම ඊට හේතුව බව ද ධවල මන්දිර මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.