Monday, April 29, 2024

General line - 0115112241

කී‍්‍රඩා ඇමතිගේ අනුමැතිය නොමැතිව ඩුබායි ගිය කි‍්‍රකට් කණ්ඩායමක් ගැන හිටපු කී‍්‍රඩකයෙකුගෙන් අනාවරණයක්




ටී 10 තරගාවලිය සම්බන්ධයෙන් තමන් ඇතුලූ කී‍්‍රඩකයින් 3 දෙනෙකුට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කී‍්‍රඩා අමාත්‍යංශය මෙතෙක් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැතැයි හිටපු කි‍්‍රකට් කී‍්‍රඩක අවිශ්ක ගුණවර්ධන පවසනවා. ඔහු ඒ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.

2017 වසරේ ඩුබායි හි පැවති ටී ටෙන් කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කණ්ඩායමක් සහභාගි කරවා ඇත්තේ එවක කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අනුමැතියකින් තොරව බවයි අවිශ්ක ගුණවර්ධන මෙහිදී අනාවරණ කළේ.

චෝදනාවට ලක්ව සිටින හිටපු කී‍්‍රඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටිගේ, නුවන් සොයිසා සහ තමන් සිදුකළ ඉල්ලීම කී‍්‍රඩා බලධාරීන් නොසලකාහරින්නේ මන්දැයි ගැටලූ සහගත බවයි හිටපු කි‍්‍රකට් කි‍්‍රඩක අවිශ්ක ගුණවර්ධන නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් සදහන් කළේ.