Friday, April 19, 2024

General line - 0115112241

බුන්දල රක්‍ෂිතයේ ඇති දකුණු ආසියාවේ එකම 'ඒක විහාරික කුටියේ' ඇති ඓතිහාසික වටිනාකමට බලපෑම්




හම්බන්තොට, බූන්දල රක්‍ෂිතයේ පිහිටි දකුණු ආසියාවේ ඇති එකම ඒක විහාරික කුටියේ ඇති ඓතිහාසික වටිනාකමට මේ වනවිට බලපෑම් එල්ලවෙමින් ඇතැයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණා.

මහා සංඝරත්නය පවසන්නේ විවිධ පාර්ශ්වවල කි‍්‍රයාකාරකම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි. මේ වනවිට පත්ව ඇති තත්ත්වය පිළිබද බූන්දල රක්‍ෂිතයේ පිහිටි ඒක විහාරික කුටිය සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය බලපිටියේ ධම්මික හිමියන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ මෙම ගැටළුව සම්බන්ධයෙන් මේ වනවිටත් සොයාබැලීමක් සිදුකරමින් සිටින බවයි.