Sunday, April 28, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය තවත් ලෙඩකට පාර කපයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට මොළය ආශ්‍රිත ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව විද්‍යාඥයින් අනතුරු අඟවා සිටිනවා.

මෙම තත්ත්වය මත ස්නායු ආශ්‍රිත ආබාධ ඇතිවීම්, විවිධ සංකුලතා ඇතිවීය හැකි බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

බ්‍රිතානයේ පිහිටි ලන්ඩන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වූ රෝගීන් 43 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී එවැනි රෝග තත්ත්වයන් සහිත පුද්ගලයින් හමුවී ඇත.

එම රෝගීන්ට කම්පනයන්, ස්නායු හානි, මොළයේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.