Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රීඩාවේ මහා මංගල්‍යය ‘ඔලිම්පික්‘ අද ඇරඹේ




වසර 4කට වරක් පැවැත්වෙන ලෝකයේ මහා ක්‍රීඩා මංගල්‍යය, ඔලිම්පික් උළේල බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේදී එරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වනවා. ශ්‍රී ලංකා වේලාවෙන් එහි සමාරම්භක උළෙල ආරම්භ වන්නේ හෙට අලූයම 4 යි 30ට පමණ.මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තේමාව නව ලෝකයක් යන්නයි.

මිනිසුන්ට ජීවිතය කියාදෙන ක්‍රීඩාවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මෙවර සත්කාරකත්වය දරන්නේ බ්‍රසීලයයි. දකුණු අමෙරිකානු මහද්වීපයක ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර , යුරෝපා මහද්වීපයේදී 16 වතාවක්, උතුරු අමෙරිකානු මහද්වීපයේ 6 වතාවක් සහ ආසියා සහ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ තුන් වතාව බැගින් මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් පවත්වා තිඛෙනවා. බ්‍රසීලය 31 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්ය දිනා ගත්තේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, ජපානයේ ටෝකියෝ සහ අමෙරිකාවේ චිකාගෝ නගර පරාජයට පත් කරමින්.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙළ පැවැත්වෙන්නේ 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය පැවැති මරකානා ක්‍රීඩාංගණයේදීයි. රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලද මරකානා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඔලිම්පික් ඉතිහාසයේ සමාරම්භක සහ සමාප්ති උළෙල පාපන්දු පිටියක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. පැවැති සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකම සමාරම්භක සහ සමාප්ති උළෙල පැවැත්වුණේ මලල ක්‍රීඩා පිටියකයි.

වසර ගණනාවකට පසු මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා දෙකක් එක්කර තිබීමද විශේෂත්වයක්. ඒ අනුව වසර 112කට පසු ගොල්ෆ් සහ වසර 92කට පසු රග්බි ක්‍රීඩාවත් මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් කර තිඛෙනවා. ස්කොෂ්, බේස් බෝල්, සොෆ්ට් බෝල්, රෝලර් සහ කරාතේ යන ක්‍රීඩා මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ඉවත් කිරීමද විශේෂත්වයක්.

මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩා 28ක් ඇතුළත් අතර ඒ සදහා රටවල් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකලොස් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි. යුදමය තත්වයන් පවතින රටවල සරණාගත තත්වයට පත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද දස දෙනෙකුටද මෙවර ඔලිම්පික් වරම් හිමිව තිඛෙනවා. ඔවුන් මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තරග වදින්නේ ඔලිම්පික් ධජය යටතේයි.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුරතලා වන්නේ විනිෂස්. බලලෙකුට සහ වදුරෙකුට සමාන පෙනුමක් ඇති විනිෂස් නියෝජය කරන්නේ බ්‍රසීල වන සත්වයින්. එම නම යොදා ඇත්තේ බ්‍රසීල මහා කවියෙකු වන විනිෂස් ඩී මොරායෙස් සිහිවීම පිණිසයි.

මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් බිලියන 12ක්. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල මෙන් දෙගුණයක් මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරක්ෂාවට යොදවා තිඛෙනවා. පහලොස් දහසක යුද හමුදා බල ඇනියක් සහ හැටපන්දහසක පොලිස් බලඇනියක් ද රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරක්ෂාවට එක්කර ඇති බවයි බ්‍රසීල ආරක්ෂක අංශ පවසන්නේ. මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරක්ෂාව වෙනුවෙන් රටවල් 10ක් අතර මුහුදු මාර්ගවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙක්ද ක්‍රියාත්මකයි. අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන අසිරිමත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දැක බලා ගැනීම සදහා ලක්ෂ 3ත් 5ත් අතර විදේශිකයින් පිරිසක් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරට පැමිණෙනු ඇතැයි ඔලිම්පික් සංවිධායකයින් අපේක්ෂා කරනවා.