Saturday, April 20, 2024

General line - 0115112241

රටවල් 3ක ක්‍රීඩකයන් 3ක් එකට එක්වී ඊයේ අමුතු වාර්තාවක් තබලා!




ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියට මේ දිනවල වසන්තය උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමගද, එංගලන්තය පකිස්ථානය සමගද, ඉන්දියාව බටහිර ඉන්දිය කොදෙව්වන් සමග ද, නවසීලන්තය සිම්බාබේවේ සමගද මේ දිනවල තරඟ වදිනවා.

කෙසේ වෙතත් ඊයෙ දිනයේ (04) ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් වාර්තා වූ සුවිශේෂි සිදුවීමක් පිලිබඳ වාර්තා පලවනවා.

ඒ ඊයේ දිනයේදී කන්ඩායම් 3ක පිතිකරුවන් පළමු පන්දුවාරයේ කිසිදු ළකුණක් නොලබා සිටියදී දැවී යාමයි.

මෙසේ දැවී ගියේ ශ්‍රීලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න,ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝ බර්නස් හා පකිස්ථානු කණ්ඩායමේ මොහොමඩ් හෆීසුයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න පලමු පන්දුවාරයේ පළමු පන්දුවේදී දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ළකුණක් ලබා නොසිටියදියි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝ බර්න්ස් විශ්ව ප්‍රනාන්දු යැවූ ඉනිමේ පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේදී දැවී යද්දි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කිසිදු ලකුණක් ලබාගෙන සිටියේ නැහැ.

පකිස්ථානු කන්ඩායමේ මොහොමඩ් හෆීස් ඉනිමේ පළමු පන්දුවාරයේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවකට කිසිදු ලකුණක් නොලබා දැවී යද්දි පාකිස්ථානු ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් මින් පෙර මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.