Friday, May 10, 2024

General line - 0115112241

ලෝ ප්‍රකට පුද්ගලයින් පිරිසකගේ ට්විටර් ගිණුම් වලට හැකර් ප්‍රහාරයක් 




ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. Cryptocurrency වංචාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් යොදා ගනිමින් එම හැකර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි ට්විටර් සමාගම සඳහන් කළේ.

හිටපු ජනාධිපති බරක් ඔබාමා, කැනී වෙස්ට්, කිම් කාර්ඩාෂියන් වෙස්ට්, වොරන් බෆට්, ජෙෆ් බෙසොස් සහ මයික් බ්ලූම්බර්ග්ගේ ගිණුම් සමඟ බදාදා ඔවුන්ගේ සත්‍යාපිත පැතිකඩවලට බිට්කොයින් හරහා පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ට්වීට් පළ කළේය

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා , ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, බිල් ගේට්ස් සහ ඉලෝන් මස්ක් යන කෝටිපතියන් ඇතුළු ලෝ ප්‍රකට චරිත රැසක් ඒ අතර වනවා.

එල්ලවී ඇති හැකර් ප්‍රහාරය සාමාන්‍ය අතට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි ට්විටර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.