Friday, May 10, 2024

General line - 0115112241

දිනකදී වැඩිම කොරෝනා රෝගීන් ගණන අමෙරිකාවෙන් : බ්‍රසීලය සහ ඉන්දියාව රෝගීන්ගෙන් වාර්තා තබයි




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඇරඹීමෙන් පසු දිනක් තුල එක් රටකින් වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තාවී තිබෙනවා. ගතවූ පැය 24 තුලදී අමෙරිකාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් 71,135ක් මරණ 786ක් වාර්තා වූ බවයි ජෝන් හොප්කින්ස් සරසවිය සඳහන් කර සිටින්නේ.

මේ වන විට එරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,570,037 ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 138,201ක් වනවා.

මේ අතර බ්‍රසීලයේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 02 ඉක්මවා තිබෙනවා. එරටින් මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,012,151ක් වන අතර මුළු මරණ ගණන 76,688ක්. ගතවූ පැය 24 තුලදී එරටින් කොරෝනා රෝගීන් 45,403ක් හා මරණ 1,322ක් වාර්තා වී ඇත.

අසල්වැසි ඉන්දියාවේද සමස්ත කොරෝනා ආසාදීත රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. නවතම වාර්තාවන්ට අනුව එරටින් ගතවූ පැය 24 තුලදී රෝගීන් 36,139 ක් වාර්තා වී ඇත.

එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 25,000ක් වන අතර ගතවූ පැය 24 තුලදී මරණ එරටින් මරණ 684ක් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවෙන් ගතවූ දින 06ක කාලය තුලදී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ලක්ෂ 02ක් වාර්තා වී ඇත.

මේ වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,947,678ක් වන අතර මරණ සංඛ්‍යාව 592,690ක් වේ.