Sunday, May 5, 2024

General line - 0115112241

"රොඩා සහ නලියා" පොලිස් අත්අඩංගුවට




බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පොඩි තිළිණ නම් මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනා හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය සමත්ව තිබෙනවා. ඒ අද දහවල් කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

රොඩා සහ නලියා යන අනවර්ථ නාමයන් ගෙන් හැඳින්වෙන මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ද සන්තකයේ තිබී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

රොඩා නම් සංවිධානාත්මක අපරාධ සාමාජිකයා සතුව හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 310ක් ද නලියා නැමැත්තා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 770ක් තිබී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා හංවැල්ල පොලිසියට භාරදී ඇති අතර ඔවුන් රඳවා තබා ගැනීමේ නියෝග මත ඉදිරියේදීරඳවා ගෙන ප්‍රශ්න කිරිමට නියමිතව ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.