Sunday, May 5, 2024

General line - 0115112241

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ




එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද එළිදැක්වූවා. 

ඒ, පක්‍ෂ නායක, හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගිත්වයෙන්. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නම් කර ඇත්තේ ශක්තිමත් රටක් - තෘප්තිමත් ජනතාවක් යන තේමාව යටතේයි. 

මාර්තු සහ අපේ‍්‍රල් මාසවල විදුලි හා ජල බිල්පත් සම්පූර්ණයෙන්ම කපා හැරීම සහ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් පවුල් වෙත මසකට රුපියල් 20,000 ක් ලබාදීම ඇතුළු කරුණු රැුසක් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළත්.