Saturday, April 20, 2024

General line - 0115112241

මොරටුවැල්ලේ මුහුදු ඛාදනය දැඩි වෙයි (PHOTOS)

සම්පත් කුමාර




දරුණු ලෙස මුහුදු ඛාදනයට ගොදුරු වී ඇති  මොරටුව ප්‍රදේශයේ ඊයේ දිනයේ (20) ඇතිවු සුළඟේ වේගය වැඩිවීම සහ මුහුද රළුවීම හේතුවෙන් මොරටුව මොරටුවැල්ල ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පිහිටා තිබූ නිවාස 02 ක් අර්ධ ලෙස මුහුදට ගසාගෙන ගොස් ඇත.

මේවනවිට තවත් නිවාස 06 ක් පමණ අවදානම් මට්ටමේ පවති. මුහුදු වෙරළලේ මීටර් 50 ක පමණ ප්‍රමාණයක් මේ වනවිට මුහුදට සේදී යන්නට පටන් ගෙන ඇත.  දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක් වී ඇති වෙරළ තීරය තුළ කළු ගල් යොදා නොමැති වීම තුළ මෙම තත්වය වඩා වැඩිවි ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.