Friday, May 10, 2024

General line - 0115112241

චීන කොන්සල් කාර්යාලයක් වසා දැමීමට නියෝග කිරීමත් සමග චීනය හා අමෙරිකාව අතර සීතල යුද්ධයක් 




අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි පිහිටි සිය කොන්සල් කාර්යාලයේ “සියලු මෙහෙයුම්” වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන ලෙස අමෙරිකානු රජය හදිසියේම චීනයට නියෝග කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මෝගන් ඔර්ටගස් පැවසුවේ “ඇමරිකානු බුද්ධිමය දේපළ හා ඇමරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා” කොන්සල් කාර්යාලය වසා දමන ලෙසට නියෝග නිකුත් කළ බවයි.

හුස්ටන් හි පිහිටි චීන තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පසුපස භුමියේ පසුපස කොටසේ ගින්නක් හටගෙන ඇති බවට අවට ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම් දීමක් අනුව පොලිසිය සහ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී දැක ඇත්තේ චීන කොන්සියුලර් කාර්යාලයේ නිලධාරීන් සිය කාර්යාලයේ ඇති ලියකියවිලි ගිනි තබා විනාශ කරන ආකාරයයි.

චීන විදේශ අමාත්‍යංශය සිය නිල සමාජ මාධ්‍යවල පළ කරන ලද නිවේදනයක දැක්වෙන්නේ කොන්සල් කාර්යාලය වසා දැමීමේ නියෝගය “අමෙරිකාව විසින් ඒකපාර්ශවිකව දියත් කරන ලද දේශපාලන ප්‍රකෝප කිරීමක් වන අතර එය ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් සහ ද්විපාර්ශ්වික කොන්සියුලර් ගිවිසුම බරපතල ලෙස උල්ලංඝණය කිරීමක්" බවයි.