Monday, May 13, 2024

General line - 0115112241

වසර 26කට පසුව ටෙස්ට් කඩුලූ 200 සීමාව පසු කළ කොදෙව් ක‍්‍රීඩකයා




වසර 26කට පසුව ටෙස්ට් කඩුලූ 200 සීමාව පසුකරයාමට බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයෙකු ඊයේ (25) සමත් වුණා. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මෙම දස්කම දැක්වුයේ වේග පන්දු යවන ක‍්‍රීඩක කෙමර් රෝච්.

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදි ලකුණු 72කට කඩුලූ 4ක් දවා ගැනීමට කෙමර් රෝච් සමත් වුණා.

කොදෙව් ක‍්‍රීඩකයෙකු අවසන්වරට ටෙස්ට් කඩුලූ 200 සීමාව පසුකර තිබුනේ 1994 වසරේදියි. කර්ට්ලි ඇම්බ්‍රොස් අවසන්වරට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මෙම දස්කම දක්වා තිබුණා.

කොදෙව්  - එංගලන්ත 3 වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවනවිට පළමු ඉනිම ක‍්‍රිඩා කරන කොදෙව් කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා. ඒ, එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 369ට පිළිතුරු වශයෙන්.