Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වෙයි (PHOTOS)




ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථකව සිදු කර තිබෙනවා. 

දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින් වයස අවුරුදු 09 ක් වන සිරෝසීස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විඳී දරුවෙකුගේ අක්මා බද්ධයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන  ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් 2020 ජුලි 14 වන දින සාර්ථකව සිදු කර තිබෙනවා.

කුඩා දරුවෙකුගේ අක්මා බද්ධ කිරීමක් ශ්‍රී ලංකාවේ දී සාර්ථකව සිදුකල ප්‍රථම අවස්ථාව මෙයයි. ඉතා සංකීර්ණ වූ මෙම ශල්‍යකර්මය සදහා පැය 12 කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා.

අක්මා දායක කල ඇගේ 38 හැවිරිදි මවත් මේ වනවිට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඉතා  ඉක්මන් සුවය ලබමින් සිටිනවා.