Sunday, May 5, 2024

General line - 0115112241

මිලියන 28ක් වටිනා මත්පෙති සමග දෙදෙනෙක් කොටු




රුපියල් මිලියන 28 ක පමණ වටිනාකමකින් යුත් මත්පෙති 5600 ක් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ තරුපන්තියේ හෝටලයක් අසලදී අත්අඩංගුවට ගැනුණා.

ඒ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 400 ක් ද සොයා ගැනුනු බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි සහ 29 හැවිරිදි වත්තල සහ අංගොඩ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

මෙම මත්පෙති තොගය කුරියර් සේවයක් හරහා දිවයිනට ගෙන්වා ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ. 

මෙම මත්පෙති තොගය ගෙනැවිත් භාරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ද විමර්ශන කි‍්‍රයාත්මක බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.