Sunday, May 5, 2024

General line - 0115112241

මනාප අංක සටහන් කර පෑන් බෙදූ අපේක්ෂකයින් පිරිසක් ගැන පැමිණිලි




එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු සිය මනාප අංක පෑන්වල සටහන් කර ඡන්ද දායකයින් වෙත බෙදාදීමේ සිද්ධීන් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

මෙවැනි සිද්ධීන් පිළිබඳ මැතිවරණ කොමිසම ද දැනුවත් කළ බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෑනක් රැගෙන එන ලෙස ඡන්ද දායකයින්ට දැනුම් දී තිබියදී අපේක්ෂකයින් මෙවැනි දෑ සිදු කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

යම්කිසි හේතුවකින් යම් ඡන්ද දායකයෙකු මනාප අංකය සහිත මෙවැනි පෑනක් ඡන්ද පොළ වෙත රැගෙන යෑමේ අවධානමක් තිබෙන බවත් සඳහන් කළා.  

කොරෝනා වසංගතය පවතින සමයක වුවද, අපේක්ෂකයින් සිය ප‍්‍රචාරක කටයුතු සඳහා අධික පිරිවැයක් දරා ඇති බව මේ වනවිට සිදුකර ඇති නිරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක නෙත් නිවුස් වෙත පැවසුවේ.