Sunday, May 5, 2024

General line - 0115112241

මධූෂ්ගේ ගෝලයෙක් පොලිසියට කොටු වෙයි




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලිසිය අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගමගේ තරංග කුමාර නොහොත් කොට තරංග නැමති මොහු විවිධ අපරාධවලට චෝදනා ලැබූවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.