Sunday, May 5, 2024

General line - 0115112241

බීමතින් රිය ධාවනය කළ 101කට හිමිවු දඬුවම




බස්නාහිර පළාතේ පැය 07 ක් තුල සිදුකළ මෙහෙයුමකදී බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 101 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 25 වනදා රාතී‍්‍ර 09 සිට ඊයේ අලූයම 04 දක්වා මෙම මෙහෙයුම සිදුකළ බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

මෙම මෙහෙයුම්වලදී රථවාහන 101 ක්ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළා.