Sunday, May 5, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට




බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් 346කදී සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ අලූයම 05 න් අවසන් වූ පැය 24 තුලදී මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ. 

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 134 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 73 දෙනෙකු, නීතිවිරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 101 දෙනෙකු හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 04 දෙනෙකු ද වන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.