Sunday, April 28, 2024

General line - 0115112241

මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කළ හේතුව එජාපය කියයි




පළාත් පාලන මන්තී‍්‍රවරුන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

එලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත්තේ සමගි ජනබලවේගයට සහය දක්වන එම පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසකගේයි. 

එක්සත් ජාතික පක්ෂයේ නීතිලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර පැවසුවේ පක්ෂයේ ප‍්‍රගමනය සඳහා දායකත්වයක් ලබා නොදීම සහ වෙනත් පක්ෂවලට සහය දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා මත මෙම තීරණය ගෙන ඇති බවයි. 

මේ අතර, මීට පෙර ද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනෙකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත්දා තීරණය කළා.