Monday, April 29, 2024

General line - 0115112241

රට පුරා ක්‍රීඩාංගණ 06ක් වෙත ක්‍රිකට් ආයතනයේ දැඩි අවධානය




පිට පළාත්වල ක‍්‍රිකට් ක‍්‍රීඩාව සංවර්ධනය කිරීම සහ එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික මට්ටමේ සියලූ පහසුකම්වලින් සමන්විත ක‍්‍රීඩාංගණ 06 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

රත්නපුර මොණරවිල ක‍්‍රීඩාංගණය, බදුල්ල නගරසභා ක‍්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් ක‍්‍රීඩාංගණය, පොළොන්නරුව ජාතික ක‍්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගරසභා ක‍්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක‍්‍රීඩාංගණය මෙලෙස සංවර්ධනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඉදිරි මාස 03 ඇතුළත අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රීඩාංගණය, පොළොන්නරුව ජාතික ක‍්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක‍්‍රීඩාංගණය විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

සෙසු ක‍්‍රීඩාංගණවල පහසුකම් සැලසීමේ කටයුතු ඉදිරි තුන් වසරක කාලය තුළ නිමා කිරීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ. 

රත්නපුර, යාපනය, පොළොන්නරුවේ පිහිටි ක‍්‍රීඩාංගණ සඳහා ප‍්‍රධාන තණතීරුවට අමතරව තණතීරු 10 බැගින් වූ පැති තණතීරු සැකසීමට ද නියමිතයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ සහ ජාතික ව්‍යාපෘති කමිටු ප‍්‍රධානී මෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගේ මග පෙන්වීමෙන් ක‍්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.