Monday, April 29, 2024

General line - 0115112241

සිය පළමු කාර් රථය සොයා ගන්න රසිකයින් ගේ සහය පතන සුපිරි ක්‍රිකට් තරුව




ලොව අග්‍රගණයේ පිතිකරුවෙකු ලෙස විරුදාවලිය ලත් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් තම රසිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකොට තිබෙනවා.

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටියේ සිය ජිවිතයේ පළමු වරට මිලදී ගනු ලැබූ මෝටර් රථය සොයා ගැනීමට උපකාරවන ලෙසයි.

"මම උපයා ගත් මුදල් වලින් පළමුව මිලදී ගත්තේ මරුටි 800 වර්ගයේ කාර් රථයක්. නමුත් අවාසනාවකට එම කාර් රථය අද මා සතුව නැහැ. එය යළි මා සතු කර ගැනීමේ ආශාවක් තිබෙනවා. කවුරුන් මෙය අසාගෙන සිටිනවා නම් මාව අමතන්න" සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එම රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර සිටියා.

මෝටර් රථ සම්බන්ධයෙන් තමන්ට ඇති කැමැත්ත ගැන ද එම වැඩසටහනේදී සචින් තෙන්ඩුල්කාර් මෙසේ සිහිපත් කර සිටියා.

"අපේ නිවෙස අසල දැවැන්ත විවෘත සිනමා ශාලාවක් පිහිටා තිබුණා. එහිදී මිනිසුන් ඔවුන් ගේ වාහන වලින් පැමිණ සිනමාපට නරඹනවා. මමයි මගේ සහෝදරයයි පැය ගණන් ඒ මෝටර් රථ දිහා බලන් ඉන්නවා."