Saturday, May 4, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට




වැලිකඩ පොලිස් ස්ථානයට අනියුක්ත සැරයන්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අම්පාර දමන ප‍්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකාර නිලධාරියා සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 09 ක් සහ අයිස් ග‍්‍රෑම් 390 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර, ඝාතනයට ලක් වූ පාතාල කල්ලි සාමාජික ”සමයං”ගේ ගෝලයෙකු වන කනත්තගමගේ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.