Saturday, May 4, 2024

General line - 0115112241

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට නීතිය දැඩි වෙයි




අනවසර ගොඩ කිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමෙ සංස්ථාව පවසනවා.

එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා පැවසුවේ ඊට අදාළ පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

අනවසර ගොඩ කිරීම් ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉදිරියේදී අනවසර ගොඩ කිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධව පොලිසිය හා එක් වෙමින් දැඩි පියවර ගැනීමට හැකියාව ඇති වෙන බවත් සඳහන් කළා.