Monday, April 29, 2024

General line - 0115112241

වෙනස්කම් ඇතුළත් 20 අද කැබිනට් මණ්ඩලයට




19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සිදුකරන වෙනස්කම් ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද (02) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යෝජිත මෙම සංශෝධනයේ මූලික කෙටුම්පතක් නීතිපතිවරයාගේ නිරීක්‍ෂණයටද මේ වනවිටත් යොමුකර අවසන්.

අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතුළත් කරුණු පූර්ණ වශයෙන් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර සදහන් කළේ ජනතා හිතවාදී කරුණුවලට සහය දැක්වීමට සූදානම් නමුත් ජනතාවට අවාසි වන කරුණුවලට විරෝධය පළ කරන බවයි.

කෙසේවෙතත් අමාත්‍ය විමල් වීරවංශ සදහන් කළේ 19 වන සංශෝධනයේ ඇතුළත් ගැටළුකාරී තත්ත්වයන් පිළිබද තවදුරටත් සාකච්ඡා කරන බවයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් තීරණය කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායම් සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.