Monday, April 29, 2024

General line - 0115112241

තද සුළඟකින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




අධික වැසි සමඟ හටගත් සුළං තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසක නිවාසවලට හානි සිදුව ඇති බව මන්නාරම දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 67 ක්, මන්නාරම නානට්ටන ප‍්‍රදේශයේ නිවාස 42 ක් හා මන්නාරම නගර සභා සීමාවේ නිවාස තුනකට මෙලෙස හානි සිදුව තිබෙනවා. 

එම නිවාසවල වහළ ගැලවි ගොස් ඇති අතර තවත් නිවාස මතට ගස් කඩා වැටී ඇති බවයි මන්නාරම දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මෙහිදී පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල සිදුව තිබෙනවා.

මේ අතර වවුනියාවේ ප‍්‍රදේශ කිහිපයක් හරහා හමාගිය තද සුළඟකින් ද නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 55 කට අයත් පුද්ගලයන් 156 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.