Monday, April 29, 2024

General line - 0115112241

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල 

බදුල්ලේ පාලිත ආරියවංශ 




ඌව වෙල්ලසස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (2) අළුයම 2.50ට පමණ බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අඩි 40 පමණ ප්‍රපාතයකට පෙරලී මෙන් අනතුරට ලක්වි තිබෙනවා.

අනතුරෙන් එම මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් 05 දෙනාම තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ කථිකාචාර්යවරු 5 දෙනා අතුරින් සිවු දෙනෙක් කාන්තාවන් බවත් ඉන් එක් කාන්තාවක් ගැබිණියක් බවත් පොලිසිය සදහන් කර සිටිනවා.