Monday, April 29, 2024

General line - 0115112241

සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය මාස්පතා ජංගම දුරකතනයට




සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු මාස්පතා ජනතාවට සිය ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ඔස්සේ ලබාදීමේ වැඩිපිළිවෙලක් ආරම්භ කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සදහන් කළේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර එම ශේෂය දැන ගැනීමට මෙතෙක් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙල මේ වනවිට නතර වී ඇති බවයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මෙම අදහස් පළ කළේ අද (02) උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. බැලූම්ගල අන්තිම සටන වැඩසටහනට එක්වෙමින් ජනතාවගේ ප‍්‍රශ්න සදහා පිළිතුරු ලබාදුන් අවස්ථාවේදීයි.

සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සදහා දැනටමත් කටයුතු සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

B කාඞ්පත සම්බන්ධයෙන් ජනතාවට ඇති ගැටළුවලටද මෙහිදී පිළිතුරු ලබාදුන්නා. ඒ අනුව B කාඞ්පත නොමැති අවස්ථාවලදී සේවක අර්ථසාධක අරමුදල් ලබාගත හැකි ක‍්‍රමවේදයද පැහැදිලි කෙරුණා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට අද (02) සහභාගී වන්නේ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයි. වැඩසටහන රාති‍්‍ර 7.30 ට ප‍්‍රචාරය කෙරෙනවා. ෆේස්බුක් ඔස්සේ ද එය සජීවීව නැරඹිය හැකියි.

(අද (02) උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. බැලූම්ගල අන්තිම සටන වැඩසටහනට පහතින් දැක්වෙයි)