Monday, April 29, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කුඩු සඳා අත්අඩංගුවට




මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන දිනේෂා සදමාලි නොහොත් කුඩු සඳා නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තොටලග ප‍්‍රදේශයේදීයි. මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 26 ක්, බැංකු කාඞ්පත් 10 ක් සහ ජංගම දුරකතන 6 ක් ද සොයා ගැණුනා.

හෙරොයින් ග‍්‍රෑම් 300 ක් සමග මීගමුව, දළුවාකොටුව ප‍්‍රදේශයේදී ද සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අපරාධ සහ පුද්ගල ඝාතනවලට සම්බන්ධ බවට පැවසෙන සැකකරුවෙකු ද මාලිගාවත්ත ලී මෝල වත්තේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 6 ක් සමගයි.

ඉකුත් ජූලි සහ අගෝස්තු මස සිට බස්නාහිර පළාත කේන්‍ද්‍ර කර ගනිමින් දැවැන්ත මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. එම මෙහෙයුම්වලදී අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු මිලියන 4000 කට අධික ඉඩම් 12 ක් සොයා ගැණුනා. වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඔවුන්ගේ බැංකු ගිණුම් 102 ක එම කාලය තුළදී රුපියල් මිලියන 2600 ක පමණ මුදලක් සංසරණය වී ඇති බවයි.

විවිධ අපරාධවලට සම්බන්ධ විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කළ බවයි පොලීසිය පැවසුවේ.

මේ අතරතණමල්විල, හිදිකිවුල, දේවගිරිය රක්ෂිත මායිමේ වගා කර තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හේන් හතරක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ දී ගංජා හේන් තුනක සිටි අනෙක් සැකකරුවන් පලාගොස් ඇති බවයි තණමල්විල පොලීසිය සදහන් කළේ. 

අඩි හතරත් පහත් අතර ගංජා ගස් 10,000 කට අධික ප‍්‍රමාණයක් මෙහි තිබී සොයා ගැණුනා. සියලූම ගංජා පැල පොලිසිය විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා. පලාගිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශනයක් කි‍්‍රයාත්මකයි.