Tuesday, May 7, 2024

General line - 0115112241

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු




සපුගස්කන්ද ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. එම නිලධාරියා මෙම ජාවාරමට සම්බන්ධ දැයි පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.

මේ අතර අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ මේ වනවිට ලැබී ඇති සංඛ්‍යාලේඛණවලට අනුව සෑම පුද්ගලයින් විසි දෙනෙකුගෙන් එක් අයෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බවයි.

මේ අතර ඉකුත් ජූලි සහ අගෝස්තු මාස සිට බස්නාහිර පළාත කේන්‍ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුම්වලදී අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු මිලියන 4000 කට අධික ඉඩම් 12 ක් සොයා ගැණුනා. ඔවුන්ගේ බැංකු ගිණුම් 102 ක එම කාලය තුළදී රුපියල් මිලියන 2600 ක පමණ මුදලක් සංසරණය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.