Wednesday, May 8, 2024

General line - 0115112241

ගැටළු නැති ඉඩම්වලට මාස 3 කින් ඔප්පු




ජනතාව භුක්ති විදිමින් සිටින ගැටළු නොමැති ඉඩම් සදහා මාස 3 ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වර්තමාන ආර්ථික රටාවට ගැලපෙන ලෙස ඉඩම් ප‍්‍රතිපත්තියද වෙනස් විය යුතු බවයි. ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡුාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළා.

ඉඩම් සම්බන්ධ ජනතා ගැටළුවලට විසදුම් දිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නා. 

අනුමැතය සදහා රාජ්‍ය ආයතනයකට යොමු කරන ඉල්ලීමකට දින 14 ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ සකස් විය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.