Tuesday, May 7, 2024

General line - 0115112241

මහ මග බිත්තර විකුණන ක්‍රීඩා ශූරයා ගැන 'නෙත්' අනාවරණයෙන් පසු අමාත්‍යාංශයට කැඳවයි




පඩුවස්නුවර, හෙට්ටිපොළ ප‍්‍රදේශයේ මහ මග බිත්තර වෙළෙදාමේ නිරත වන ජාත්‍යන්තර සහ දේශීය පදක්කම් රැසක් දිනා ගත් මලල ක‍්‍රීඩා ශූරයෙකු හා දක්ෂ කබඩි පුහුණුකරුවෙකු වන චන්දන නිශාන්ත පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් ඊයේ (02) කළ අනාවරණයට කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් ඔහුට අද (03) දිනයේ ක‍්‍රීඩා අමාත්‍යශයට පැමිණෙන ලෙසයි දන්වා ඇත්තේ. වයඹ පළාත් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා නිලධාරී තෙවන ශ්‍රේණියේ තනතුරට අවශ්‍ය සියලූ සුදුසුකම් සපුරා තිබියදී විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙන ඉංග‍්‍රීසි භාෂාව පිළිබද දැනුම නොමැති වීම හේතුවෙන් එම රැකියාව ඔහුට අහිමි කිරීම පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් මෙම අනාවරණය සිදු කළා. 

ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අත්දැකිම් බහුල ඔහු මුහුණ පෑ මෙම අත්දැකීම් පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් කළ අනාවරණයත් සමග ක‍්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු වූ බවයි චන්දන නිශාන්ත සඳහන් කළේ. තමන් පිළිබද ක‍්‍රීඩා බලධාරීන්ගේ නෙත් පෑදීම සම්බන්ධයෙන්ද චන්දන නිශාන්ත නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සිය ස්තුතිය පුද කළා.

මේ අතර ලංකා ප‍්‍රිමියර් ලීග් විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. තරගාවලිය දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ මෙහිදී තරග වැදීමට නියමිතයි. 

මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග එළඹෙන ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික කාරණයක් ඊට හේතුව බවයි ඔහු නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පවසා ඇත්තේ.