Friday, May 10, 2024

General line - 0115112241

පොල්ගෙඩි තුළ හෙරොයින් ඇති බව අනාවරණය වූ හැටි




ගාල්ල, පින්නදූව ප‍්‍රදේශයේදී පොල්ගෙඩි 5 ක් තුළ සඟවා හෙරොයින් ග‍්‍රෑම් 500 යි මිලිග‍්‍රෑම් 650 ක් රැගෙන යමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදීයි.

මීට පෙර මොරගහහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අදාළ තොරතුරු අනාවරණ වී තිබුණා.