Friday, May 10, 2024

General line - 0115112241

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නාමල් ගොනු කළ පෙත්සම කල් යයි 




කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට සම්බන්ධ වූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ඔක්තෝබර් මස 09 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කරනු ලැබුවා.

මෙම පෙත්සම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න විසින් ගොනු කර තිබුණා.

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය මේ වන විට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් සංශෝධන පෙත්සමක් ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය පෙත්සම්කරුට උපදෙස් ලබා දෙන ලදී.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට වැඩබලන පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා,කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා පසුගිය ජූලි මස  23 දා කුරුණෑගල පොලිස් මූලස්ථානයේ ලිඛිත පැමිල්ලක් ගොනු කළ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බව පෙත්සම්කරු පවසා සිටියි .